À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌තුන්වැනි කොටහා

A+ A-

” කෝච්චිය කීයටද තියෙන්නේ විරා “

” උදේ දහයට බන් “

” හෙටම යන්නැතුව අනිද්දා වත් යන්නකෝ. උබ එන්නෙත් කලාතුරකින්නෙ බන් “

රෑට කෑම කෑවයින් පස්සේ මන් දිනුල එක්කලා කතා කරන්න එයත් එක්ක ආවේ මිදුලේ බංකුවට. කොළඹ පැත්ත රස්නි නිසා එළියේ වුණත් සීතළ නැහැ අපෙ පැත්ත වගෙ.

” හෙටම යන්න ඕනී බන්. අප්පච්චිගෙ වත්තෙ වැඩට ඉක්මනින් නිලූෂට එන්න කිව්වා. “

” හෙට එහෙනම් යන්න . හැබැයි නිලූෂ ආයේ නිවාඩුවක් ලැබුණු හැටියේ අපෙ ගෙදර එන්න ඔයා. මට‍ තියෙන වැඩත් එක්කලා ඔයාලගේ වලව්වට එන්න බැරි වෙන්න පුළුවන් මට‍. ඒත් ඔයාටයි ඔයාගේ එක්කෙනාටයි පැටියටයි අපෙ ගෙදර එන්න පුළුවන් නේද. අපිට කියලා මහලොකු කවුරුත් නැහැනේ බන්. මට‍ සහෝදරයෙක්ට කියලා ඉන්නෙ… ත් උබ විතරයි. උබ යාලුවා නෙවෙයි බන් මගේම සහෝදරයෙක් වගෙ නිලූෂ. දන්නවද උබ දෙයක් කැම්පස් එකෙ ළමයි අපි දෙන්නා නිකන් අයියයි මල්ලියි වගෙ කියද්දී මට‍ සතුටු හිතුනා බන්. ඒත් මට‍ දැන් ඊට වඩා ගොඩක් සතුටුයි. ඔව් සෑහෙන්න සතුටුයි. මගේම සහෝදරයෙක් වෙන්න පුළුවන්ද ම් නිලූෂ.. ඇයි මේ මොකුත් ඔයා කියන්නැත්තේ…… න් නිලූ…à·‚ “

මට‍ පුදුම හිතුනා දිනුලගෙ මේ කතාවට. එළියේ ලයිට් එළියට එයාගේ ඇස් දිලිසෙනවා. මට‍ ඇත්තටම හිතා ගන්න බෑ මන් මොකක්ද කියන්න ඕනී කියලාවත් . ඇත්තටම මගෙ අයියාවත් දිනුල වගෙ ඔහොම කතා කරලා නැහැනේ. මටත් ගොඩක් සතුටුයි දිනුල වගෙ හොද යාළුවෙක් ලැබිච්ච එක ගැන. දිනුල හැබැයි බැන්දත් හරි හරියට සංවේදී වෙලා වගෙ.

” දිනුල මන් ආයේ එන්නම්කෝ මගෙ සහෝදරයා බලන්න ඉක්මනට.. අහ් “

මන් එහෙම කිව්වා විතරයි දිනුල මාව තද කරලා බදා ගත්තා වෙද්දී මාත් එයාව තදේට බදා ගත්තා.

” මට විශ්වාසයි මගෙ චූටි මල්ලිව “

” මොකෝ මේ කවදාවත් නැතිව හැගීම් බර වෙලා දිනුවෝ. හෙට ගියාට මන් ආයේ මෙහෙ එනවා හොදේ… කන්න හොදට උයලා දීහන් මට ආයේ ආපු දවසට ‍ “

මෙච්චර වෙලා මාව බදන් හිටපු දිනුල හිනා වෙලා මගෙ බඩට පාරක් ගැහැව්වා පාර මන් උගෙ අත් ගොබේකට හයියෙන් පාරක් දුන්නා.

” පිස්සා… මන් උබට කන්න දෙන්නෑ වගේනේ කියවන්නේ නිකන්. යමු ගේ ඇතුළට. අපෙ උන් දෙන්නා මොනා කරනවද මන්දා විරා “

මෙලහකට ඒ දෙන්නා චොකලට් එක කනවා ඇති. මන් කිව්වා නිලූෂට කෑම කෑවට පස්සේ පැටව් දෙන්නට ඒක කඩලා දෙන්න කියලා.

මන් කාමරේට යද්දි නිලූෂ ජනේලෙන් පහළ බලන් හිටියේ මන් ඇතුළට දොරත් ඇරගෙන ආවා කියලාවත් ගානක් නැති වෙද්දී. එයා ළගට ගියපු මන් බැලුවේ එයා කොහෙද මේ බලන් ඉන්නෙ කියලා. මායි දිනුලයි ටිකකට කලින් ඉදගෙන හිටපු තැනින් ඇස් අහකට ගත්තු එයා කෙලින්ම බැලුවේ මගෙ දිහා.

” ඇ ඇයි මේ ඇස් රතු වෙලා න් නිලූෂ “

එයාගේ නහරත් ඉල්ලිපිලා ඇසුත් රත ගැහිලා තියෙද්දී මන් බැලුවේ එයාට මොකද මේ වෙලා තියෙන්නේ කියලා.
මගෙ දිහා බලන් හිටපු එයා අතින් නළලත් අල්ලාගෙන ඇසුත් පියා ගෙන ලොකු වට හුස්ම ගත්තා.

” ඒයි මිනිහෝ මොකද වුනේ ආ “

මන් ඒ උරහිස් දෙකෙන් අල්ලලා හෙලෙව්ව පාර එයාගේ හුස්ම ගන්න වේගෙ අඩු කරලා ඇස් දෙක ඇරලා මගෙ ඇස් දිහාම බලන් හිටියා.

” ඔයා ආදරේ කරන කෙනා වෙන මනුස්සයෙක් එක්කලා ගැරඩි දෙන්නෙක් වගෙ වෙලිලා ඉන්නවා දැක්කොත් පොඩි හාමු මහත්තයා මොකද කරන්නෙ එතකොට. “

එයාගේ නිවිච්ච වචන වෙනුවට දැන් තියෙන්නේ තනිකරම රළු වචන. තරහා පාලනේ කර ගන්න මහන්සි වෙවී එළියට දාන රළු වචන. ඒ කියන්නේ මගෙ නිලූෂට තරහා ගිහිල්ලා තියෙන්නේ මේකට එහෙනම්. මායි දිනුලයි දිහා හොදට බලන් ඉදලා ඒක එයා හරි ලස්සනට වැරදි විදිහට තේරුම් අරගෙන.

” මන් බේබිගෙන් ප්‍රශ්නයක් ඇහැව්වා “

” මායි දිනුලයි බදා ගෙන ඉන්නවනෙ ඔයා දැක්කේ ආ නිලූෂ. ඇහැට දකින දේ කනට ඇහෙන දේ පිළිගන්න කලින් ඒකපාරක් නෙවෙයි සිය දාස් පාරක් හිතන්න. මන් ඒක පිට මිනිස්සුන්ගෙන් නෙවෙයි බලා පොරොත්තු වෙන්නේ. මගෙ පවුලෙන්. ඒ කියන්නේ නුරාදගෙනුයි ඔයාගෙනුයි නිලූෂ. මගෙ මහත්තයට මන් ගැන සැකයක් හිතිලා වගෙ. ඇත්තටම ඔයා කොච්චර වැරදි විදිහටද අපි දෙන්නා ගැන හිතලා තියෙන්නේ ම්. මායි දිනුලයි කියන්නේ හොදම යාලුවෝ බන් à·„à·œ ද ම  යාලුවෝ… “

මන් එහෙම කියා ගෙන කියා ගෙන යද්දි එයා මට දුන්නේ කට කොනේ හිනාවක්.

” හාමු මහත්තයාගේ වචන හරි. ඒක සීයට සීයක් හරි ආයේ කියන්න දෙයක් නෑ. මට හාමු මහත්තයා ගැන ගොඩාක් ලෝභයි බේබීව මගේම විතරයි කියන තැනට වෙනකම් මන් තණ්හාසයි. මේ ඇට මස් ලේ නහර මිදුළු වලට දැනෙන තරමටම මන් බේබී ගැන සංවේදී. ඉතින් බේබී කොච්චර නිවැරදි වචන දාලා මොන විදිහකින් හරි මට‍ ඔව්වා කිව්වත් මාව පිච්චෙන පිච්චිලට  ඕවා මදි බේබී මාව නිවන්න . මන් වැරදි වෙන්න පුළුවන්. මොකද මන් හිත දියුණු කරලා වත් නැති හැගීම් දැනීම් දැනෙන ඒවා වලින්ම ජිවිතේ විදින විදවන මනුස්සයෙක්. ඒ අතින් මන් ගොඩක් දුර්වලයි. මොකද මේ දකින ඇහෙන සියලු දේවල් අනිත්‍යයි කියලා වැටහෙන තැනට මන් ඉමක් කොනක් නොපෙනෙන තරමට ගොඩක් ඈත නිසා. මන් මගෙ බේබීව ආයේ සැක කරන්නෑ. හැබැයි මන් කැමති බේබී ඔයිට වඩා තමුන් ආදරේ කරන මනුස්සයා ගැන හිතනවා නම්. මන් තියා කොයිම ආදරේ කරන මනුස්සයෙක් වත් කැමති නැති වෙයි තමුන් ආදරේ කරන කෙනා පිට එකෙග්ගේ ඇගෙ වෙලිලා ඉන්නවා දකින්න. අපෙ හිත කියන දේට ආදරෙන් ලෝභයෙන් බැදෙන තරමට දැනෙන දැනීම් හරි වැඩි හාමු. මන් ඒක දන්නෙත් හාමුටයි පැටියටයි මන් බැදුණු දවස් වල ඉදලා “

අවසාන වචන ටික කියද්දී නිලූෂගේ අත් දෙක මගෙ මූණ අල්ලාගෙන හිටියා වෙද්දී ඒ ඇස් මගෙ ඇස් අල්ල ගෙනම හිටියා. එයාගේ වචන වලට මන් කඩන් වැටුනා. මට මන් ගැනම මොකක්දෝ කියා ගන්න බැරි අසරණකමක් දැනෙද්දී මන් බිම බලා ගත්තා.

” නිලූ à·‚… මන් ඔයාට ගැලපෙන්නෑ කියලා හිතෙනවා නම්.. මාත් එක්කලා ඉන්න එක ඔයාට විදවීමක් වගෙ දැනෙනවා නම් යන්න. ඔයාට ගැළපෙන කෙනෙක් හොයා ග න් න. ඇත්තටම අවුරුදු විස්සක ඔයාට මාවයි පුතාවයි ලොකු වගකීමක්. “

මට‍ අවසාන ටික කියද්දී ඇඩුනා. මන් අඩන්න නැතුව ඉන්න හැදුවත් මට‍ ඒක කරන්න බැරි වුණා.

“මන් කැමති ඒ වගකීමට හාමු.  අනික මට‍ ගැළපෙන කෙනෙක් නම් මන් හොයා ගන්න දන්නෑ හාමු. මගෙ හිත නතර වුණු තැන තමයි ඉතින් මන් ඉන්නෙ. අනික ඔය දෙන්නා දාලා මන් කොහේ කියලා යන්නද. නුරාද මොනා කරනවද දන්නෑ. වොෂ් රූම් එකට ගිහිල්ලා මූණ කට ටිකක් හෝද ගෙන නිදා ගන්න. මන් පැටියව ඇරගෙන එන්නම් ඉක්මනට හාමු බේබී “

මගෙ ඔලුවත් අත ගාලා නිලූෂ යන්න යද්දි මන් ආවේ වොෂ් රූම් එකට. මගෙ නිලූෂ අහිංසකයි වගෙ හිටියට හරි නපුරුයි බලා ගෙන යද්දි. පුතා එක්කම අද නිදා ගද්දෙන්. මන් ගියෙ නුරාද නිදා ගන්න බිත්තියේ අයිනට. කොට්ටයකුත් ඇරගෙන කකුලේ අස්සෙත් ගහගෙන ෂීට් එකත් පොරවන් මන් ඇස් දෙක පියා ගත්තා.

         ……………………………….

” පුතා තාම නිදා ගත්තේ නැද්ද “

මන් පහළට එද්දි දැක්කේ දිනුල මහත්තයා පොතක් කියව කියව ඉන්නවා.

” නැහැ තාම . දිනුල මහත්තයා අපෙ කොල්ලව දැක්කද “

” නුරාදට ඕන් කිරි ඉල්ලුවා. පස්සේ මන් රාහුටයි නුරාදටයි කිරි දෙකක් වක් කරලා දුන්නා. ඕන් කෑම කාමරේ ඇති දෙන්නා දැන් .”

” හරි දිනුල මහත්තයා මන් ගිහිල්ලා බලන්නම්කෝ “

මන් කෑම කාමරේට යද්දි දෙන්නා හාන්සි පුටුවේ ඉදගෙන කිරි එකකුත් බීලා කෙක් කනවා. නුරාදගේ කට වටේටම චොකලට්.

” අයියූ ඔලා මොකත දන්ම මෙතනත ආවේ හලෝ. ඔන්ත නුලාද දෙන්ත බා. එලා මදෙ ලද ඉන්තෙ ”

මාව දැකපු ගමන් රාහු ඔලුවට අතකුත් ගහගෙන එහෙම කියද්දී නුරාද මගෙ පැත්තට කෙක් කෑල්ලක් දික් කරද්දි මන් මගෙ ඇගිල්ලෙන් ඒ ඇබ්බිත්තන් කට වට පිහලා චූටි පැටියා ළග මන් බිම ඉද ගත්තා.

” රාහුල් දැන් නම් නුරාදව දොයි කරවන්න ඕනී. පුතත් දැන් ගිහිල්ලා නිදා ගන්න “

” මන් නුලාදව බයි කලන්නම් “

” පා.. “

රාහුල් නුරාදව නිදි කරන්නම් කියද්දී නුරාද ඔලුවත් වන වන එපා කිව්‍වා. මන් අමාරු වෙන් පනින්න යන හිනාව තද කරන් බැලුවේ රාහුල් දිහා.

” දැන් දහයත් පහු වෙලානෙ පැටියෝ. මන් නුරාදව හෙට උදේන්ම එක්ක එන්නම්කෝ පැටියා ළගට හොදද “

” ඔලා නලකයි ගුඩක්. මන් බයි කාලා ඉක්මනත ලොතු වෙලා ඔයාත ගුඩක් ගානවා මැලෙන්ත. මන් අප්පත්තිත කීනවා ඔලා නුලාදව එක්කලගෙන යනවා කීලා ඉන්තකෝ මන් කීනවා ඇත්තතම. මත ඔයාත ගාන්ත හිතෙතවා හ්ම්..”

රාහුල් පුටුවෙනුත් පැනලා මටත් බැන බැන යද්දි මන් මන් නුරාදව වඩා ගත්තා. රාහුල් වගේම අපෙ පැටියත් චන්ඩියෙක් වුණා නම් හොදයි කියලා වෙලාවකට හිතෙනවා.

පැටියව උස්සන් කාමරේට එද්දිත් බේබී හාමු නිදි අයිනටම ගිහිල්ලා. හැබැයි කවුද දන්නේ බොරුවට නිදි වගෙ ඉන්නවද කියලා.

” කෝ ඊ ගාන්න “

වොෂ් රූම් එක ළගට ගියපු මන් දත් මැදලා චූටි බුරුසුව අරන් නුරාදගෙත් දත් මද්දලා අත පයත් හෝදවලා සැහැල්ලු කලිසමක් අන්ද වව්වා පැටියට .

” දැන් සූදයි පැටියා. ඕන් අප්පච්චිට නම් හොදටෝම බයියා ගිහිල්ලා. යන් අපි දෙන්නත් බයි ගමු “

නුරාද මගෙ ඇග උඩට ඇවිල්ලා පපුවෙ ඔලුව තියා ගනිද්දි මන් ඒ චූටි ඔලුව අත ගගා බැලුවේ බිත්තියේ පැත්තට හැරිලා නිදා ගෙන හාමු දිහා. අද නම් මන් හාමු මහත්තයට සැරෙන් කතා කරලා වැඩී හොදටම.

                  …………………………..

” නුලාද නුලා… ද   නුලා……. ද එන්ත තෙල්ලම් කලමු. නැගිතින්තකු නුලා ද “

මගෙ කන ළගින්ම ඇහුණු රාහුල්ගේ කටහඩ නිසා මන් ඇස් දෙකත් භාගෙට ඇරලා බැලුවා. මගෙ දෙයියනේ තාම එළිය වැටිලවත් නැති මල පාන්දර රාහුල් මේ පැටියව නැගිට්ටනවා දා ගෙන. වෙලාව බැලුවත් හරි දැක්කේ තාම පහාමාරයි.

” රාහුල් කෝ අප්පච්චි ඔයාගේ “

” ඔලා නැගිත්තද. අප්පත්ති හෝතලේත ගීල්ලා අතත එන්තම් කීවා මෙහෙත. ඔලා දෝ ගන්ත. මන් නුලාදට කතා කලෙ අනෙ…”

” ඔයත් නිදා ගන්න නුරාද ලගින් “

මන් එහෙම කිව්වත් වැඩක් වුන්නෑ නුරාද නැගිට්ටා.

” නමු තෙල්ලම් කලන්න “

රාහුල් එහෙම කිව්වත් නුරාද ආයේ ඈනුමක් යවලා ඔලුව කොට්ටෙන් තියන් ගුලි වුණා.

” පුතේ මන් ඔයාලා එනකම් බලන් ඉන්නවා. ආයේ නිවාඩුවට ඔයාගේ හාමුවත් ඇරගෙන එන්න හොදද “

ස්ටේෂමට ආපු හාමු මගෙ ඔලුවත් අත ගාලා කියද්දී මන් හිනා වුණා. හාමු මහත්තයත් ඉන්නවා මූණ දෙල් කරගෙන පැත්තකට වෙලා පැටියවත් වඩා ගෙන අපි දිහා බලා ගෙන .

” අපි ආයේ එන්නම් දිනුල. පුළුවන් වෙලාවකට වලව්වට එන්න. රාහුල් වත් එක්ක එන්න. අපි යනවා එහෙනම්. බුදුසරණයි දිනුවෝ…”

අපි ඇතුළට යද්දි රාහුල් වත් වඩා ගෙනම දිනුල මහත්තයා වාහනේ ළගට වෙලා බලා ගෙන ඉන්නවා. රාහුල්ට නම් තාම ඉකි ගැහෙනවා. මන් මලු දෙකම උස්සන් යද්දි නුරාදව හාමු වඩා ගෙන ගියා.

” නිලූෂ කැමරාව “

එයා කැමරාව ඉල්ලද්දී කෝච්චියේ ඉදගෙන හිටපු තැනින් නැගිට්ට මන් බෑග් මල්ලත් ඇරලා දුන්නේ කැමරාව.
හෙට ඉදලා දැන් වත්තෙ වැඩට යන්නත් එපැයි.

” නිලූෂ කන්නාඩි දෙක දාගෙන පැටියවත් හොදට ඔක්කට ඇරගෙන ජනේලෙන් එළිය බලා ගන්න “

ඉතින් හාමු මහත්තයා කියන කියන විදිහට මායි පැටියයි ඉද්දි එයා එක එක විදිහට ෆොටෝ ගැහැව්වා අපි දෙන්නගේ .

හවස තුන විතර වෙනකොට නුවරට ආපු අපි හිල්ලාවට යන බස් එකකට නැග්ගා. නුරාදට නම් මගෙ අස්සෙම නින්ද ගිහිල්ලා තියෙද්දී එයාව ඇහෙරෙන්නැති විදිහට හිස් ෂීට් එකකින් අපි දෙන්නම ඉද ගත්තා.

” පුතා… මහත්තයෝ…. මහත්තයෝ දරුවා ආවා “

අපි වලව්වේ කඩුල්ල ළගට එද්දිම ලොකු මැණිකේ කෑ ගහගෙන හාමු මහත්තයා ළගට ගියා.

මයෙ බේබී හාමු ඉස්තෝප්පුවේ ඉදගෙන එයාගේ අම්මා අප්පච්චිට කතා කර කර ඉද්දි නුරාදයි මායි ඇදුනුත් ඇරගෙන ළිදට ගියා නා ගන්න .

” කෝ කෝ සීතළයි කියලා හරි යන්නෑ දගලන්නැතිව ඉන්න ඕනී “

වතුර සීතළ වුනාට මොකද මන් දඩ බඩ ගාලා පැටියගේ කුනුත් කොහු ලෙල්ලෙන් අතුල්ලලා හොදට නාවලා ඇරගෙන ඔලුවත් පිහදාලා එයාගේ ලා රෝස පාට තුවායෙන් ඇගත් ඔතලා මන් නා ගන්නකම් ගල උඩ තිබ්බා. ලා අව්වක් හරි කොල්ලාගෙ ඇගට වැටෙන නිසා හොදයි ඉතින්.

කොහු ලෙල්ලෙන් නෙවෙයි මන් නම් ගලකින්ම හොදට කුණු අතුල්ලා ගත්තා. එහෙ ඉද්දි මට‍ හරියට කුණු අතුල්ල ගන්නවත් බැරි වුණා ගලක් වත් නැති නිසා.

” නැන්දේ කොත්තමල්ලි කෝප්ප දෙකක් වක් කරලා දෙන්නකෝ “

” චූටි බේබිත් නෑව්වද කොල්ලෝ. කොහොමද ගමන හොදයිද ඈ “

මන් තුවායෙන් ඔලුව පිහ දදා කුස්සියේ පඩිය උඩින් ඉද ගත්තේ නුරාද වත් මගෙ ඔක්කෙන්ම තියාගෙන.

” ගමන ඉතින් සුපිරියි නැන්දේ. නිර්මාල් එහෙම ගෙදරද නැන්දේ ඉතින් “

” අනෙ ඔව් පුතේ. කොල්ලා ඕන් දැන් වත්ත පල්ලෙහා එළවලු කොටුවක් එහෙමත් දා ගෙන තියෙන්නේ “

අප්පේ ගෙදර නිකන් ඉන්නවට වඩා ගෙදර කොටුවක් හරි දා ගන්න එක කොච්චර දෙයක්ද.

” මේ ටිකත් බොන්න. විහික්කා කරන්නෑ කන බොන දේවල් “

” බා “

” මගෙන් හොද ගුටියක් කන්නැතුව ඔය ටික බොන්න නුරාද “

කොල්ලා බෑ කියාගෙන නැගිටලා යන්න හදද්දී හාමු මහත්තයා කුස්සියේ පැත්තට ඇවිල්ලා පැටියට සැර දැම්මා. එයාටත් ඇහෙන්න ඇති එහෙනම් මගෙ කටේ සද්දේ.

” කවද්ද මේක ගත්තේ “

මන් කාමරේ අතු ගගා ඉද්දි හාමු මහත්තයා මගෙ කාමරේට ඇවිල්ලා මගෙ අතේ ගැට ගැහැව්වේ හීනි කළු පාටට ගොතාපු ලස්සන නූලක්.

” එදා බත් ගන්න යද්දියි මන් මගදි දැකලා මේක ඔයාට ගත්තේ. ඊයේ රෑ නිදා ගන්න කලින් මන් දාන්න කියලා තමයි හිටියෙ. කොහෙද ඉතින් අපි දෙන්නා මේ කෙහෙවලු පටල ගත්තනේ. ඒ නිසා බැරි වුණා “

” ඒකනේ නේද අපරාදේ… ඒක හරි ලස්සනයි මගෙ අතට “

ලා පාට මගෙ හමේ කළු නූල හොදට කැපිලා පෙවුනා.

අද උදේන්ම නැගිට්ට මන් සෝමේ මාමා එක්කම උදේන්ම කාලා ගියෙ තේ වත්තේ වැඩට. වැස්ස නිසා කුඩැල්ලෝ හැමතැනම. ඒත් උන්ට අපෙ කකුල් කන්න වෙන්නෑ අපි කකුලට උස සපත්තු දාන නිසා.

” කොල්ලෝ උබ මේ අතු කෑළි ටික අරහෙට්ට දාලා රොඩු බොඩු අයින් කරලා ඔය කොටහම සුද්ද කරලා දාහන්කෝ. සමනල උබත් අයියට උදව් කරන්න කෝ”

සෝමේ මාමා එහෙම කියලා වෙන පැත්තකට යද්දි මායි සමනලයි තැනින් තැනට තිබ්බ ලොකු ගස් වල අතු කෑලියි රොඩු බොඩුයි අයින් කරන්න ගත්තා.

” අම්බෝ… අයියේ මහන්සි හොදටම ආන් කට්ටියත් තේ බොන්න යනවා.  අපිත් යමුද “

” මේකත් අරහෙට්ට දා ගෙනම යමු එහෙනම් “

රොඩු කෑළි එක්කහු කරාපු ගෝනියත් ඇරගෙන මන් ඒක විහික්කා කරන්න ආවේ පොහොර වෙන්න කියලා රොඩු දාන කුණු වලට.

” අයියා පොඩ්ඩක් පහළට නැමෙන්නකෝ “

” ඒ මොකද “

” ඔලුවේ රොඩු කෑල්ලක්. ඔහොම ගැසුවට හරියන්නෑ. පොඩ්ඩක් පාත් වෙන්නකෝ මන් අයින් කරන්නම් “

” ඕක පස්සේ අයින් වෙලා යයි බන් “

එහෙම කියලා මන් එන්න ආවේ දොළ පාරට අත පය හෝදන්න.

” නිලූෂ කොල්ලෝ… මෙහාට්ට ආවා නම් පාන් ගෙනල්ලා “

” හරි මාමේ මන් එන්නම්…. “

විජහට විජහට දොලෙන් ගොඩ වෙලා මන් නුග ගහ යටට යද්දි නිර්මාල් ඇවිල්ලා කට්ටියට පිගන් වලට හොදි බෙදනවා.

සෝමේ මාමා වට්ටිය මටත් අල්ලද්දී මාත් ගත්තේ පාන් භාගයක්. හරි සීතයි. කොත්තමල්ලි කෝප්පේ බීපු මන් පාන් කෑළි කඩ කඩ හොද්දෙ ඔබලා කටේ දා ගත්තා.

” ඒයි නිලුවෝ වරෙන්කො පොඩ්ඩක් මෙහාට්ට “

මන් කකා ඉද්දි සුනිල් මට එහෙම කෙදිරුවත් හරි මන් පොඩ්ඩක් එයා ළගට ගියා.

” මේ දවස් වල නිර්මාල්ගෙ ගෙදර එයාගේ යාලුවෙක් ඇවිල්ලා බන් ඉන්නෙ. මන් නිකන් දැක්කේ උබලගේ වලව්වේ දෙනුවන් බේබී වගෙ .  ඒත් නිලුවෝ ඒ දෙනුවන් බේබී නෙවෙයි වෙන්නැති නේද.. මන් අරුනිගෙනුත් ඇහැව්වා. එයා නම් කිව්වේ මල්ලිගෙ යාලුවෙක් කියලා. මූණ ඩිංගක් වත් බලා ගන්න ඒ කොල්ලා ටිකක් එළි මහලකටවත් එන්නෙ නැහැයිනෙ බන් “

” ඒ දෙනුවන් බේබී නෙවෙයි වෙන්නැති බන්. අනික ඉතින් දෙනුවන් බේබී නම් වලව්වට නිකමට හරි එනවා නේද “

” ඔව් නේද බන්. “

බලන් යද්දි සුනිලුත් ඕප දූප මල්ලක් වගෙ ඔහොම හිටියට .

    
           ……………………………….

” අප්පත්ති නුලා ද මාව බාන්න එයි නේත “

” ඔව් ඔව් නුරාද අනිවාරෙන්ම මයෙ රාහු පැටියා බලන්න එයි. ඒ නිසා ආයේ අඩන්න තියා ගන්න බැහැ හොදද. ඔයා දැන් ලොකු අයියා කෙනෙක් නෙ. අයියලා වුනාම අඩන්නෑ හොදද “

දැන් නම් මගෙ මල්ලි ගිහිල්ලත් ඇති වලව්වට. මන් කොච්චර මුලදී විරාව අතේ දුරින් තියා ගන්න ඕනී කියලා හිතුවත් මට‍ ඒක මහා අමාරු දෙයක් වුණා . විරා අද යද්දි වුණත් මාව පිච්චුනා. මගෙ එකම නිවුන් මල්ලි වෙච්ච ඒකාට මන් ආයේ හොද යාළුවෙක් වගේම සහෝදරයෙක් වෙනවා .

” විරා මන් ගැන වැරදි විදිහට හිතන්න එපා. මට‍ උබ ගැන හිතෙන්නේ යාලුවෙක් විදිහට නෙවෙයි මගේම සහෝදරයෙක් විදිහට. උබගේ අම්මා අප්පච්චිගෙන් එහෙම උබලා දෙන්නට කරදරයක් වුනොත් උබලා වෙන කොහෙවත් නෙවෙයි මේ ගෙදරටම එන්න හොදද.  “

” ඇ ඇයි ඔහොම කියන්නේ “

” මන් හිතන්නෑ උබගේ අම්මා එහෙම ඔය දෙන්නගේ සම්බන්දෙ දැන ගත්ත දාක නිකම් ඉදියි කියලා. අනික අප්පච්චි වුණත් ඔහොම නිහඩව ඉන්නේ මොකක් හරිම හේතුවක් උඩද දන්නෑනෙ නේද ම්. ඒක නිසා පරිස්සමින් ඔය තුන් දෙනාම. ඇත්තටම මට නම් බන් වලව් ගැන කිසිම පැහැදීමක් නැහැ “

හොද වෙලාවට තමයි අප්පච්චියි අම්මියි තනියම පැනලා යන්නැතුව මාවත් එක්කර ගෙනම ආවේ.

” ඒවුනාට බන් අයියා ආයේ එන්නෙත් නැහැ වලව්වට. අම්මා අප්පච්චිත් වයසයි. මන් කොහොමද බන් එයාලා දෙන්නා දාලා දුරකට යන්නෙ… “

” ම් හරි හරි උබ එහෙනම් වලව්වෙම ඉදපන්. උබට තේරෙයි කවදා හරි අම්මා අප්පච්චි කනට දෙකක් දීලා උබවයි නිලූෂවයි වලව්වෙන් දොට්ට දාද්දි. එහෙම එලෙව්ව දාක කෙලින්ම එන්න මෙහාට්ට මගෙ චූටි මල්ලියා “

” රිදුනා බන් හයියෙන් ගහන්න එපා බූරු තඩියා. උබ හරි ආස ඇති මාව වලව්වෙන් දොට්ට දානකම් “

” ආසයි තමයි උබ මෙහෙට්ට එනවනේ එතකොට. මටත් හොදයි ඉතින් මල්ලි කෙනෙකුත් ළගම ඉන්නවනෙ “

එහෙම කියපු මන් මිදි ගෙඩියක් කටේ දා ගත්තා වෙද්දී විරත් මිදි ගෙඩි දෙකක්ම කටේ දා ගත්තා.

” ලෝරා එන්නෙ වත් නැද්ද බන් එහෙ “

” මතක් කරන්න වත් එපා ඔය ගෑණි. ළමයි දෙන්නා ගැනවත් හරියට බලන්නැති එකෙ වලව්වට එයි ඈ ඒකී”

ඒ අතින් මගෙ සහස් කොච්චර හොදද.  ඒ වගේ ගෑණියෙක් හම්බෙන්නත් පිරිමි අපි පිනක් කරලා තියෙන්න ඕනී. ගෑණි නරක් වුනොත් ඉතින් මුළු පවුලක්ම විනාසයි නෙ .

” ඔලා මොනාද ඔත්තර කාපනා කලන්තේ ඈ අප්පත්ති. මත කී එකත් හලි බොන්ත දෙන්නුකු “

මන් ඔහේ කල්පනා කර කර ඉද්දි පැටියා කතා කරපු පාර මගෙ කල්පනාවත් බිදුනා. දැන් ඉතින් මගෙ චන්ඩි පැටියට කිරි එකක් හදාපන්කො.

  

         ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

යාළුලා හැමෝටම ගොඩාරියක් ඉස්තුතියි මගෙ කතාවට දෙන ආදරේට 🙏🙏🙏🙏🙏🙏🙏💗

ගිහිල්ල ඉක්මනට එන්නම් ආයේ 🤗🤗

බුදුසරණයි හැමෝටම 🙏🙏

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌තුන්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌තුන්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌තුන්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌තුන්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌තුන්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌තුන්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 34